මුදුන්පත් වූ ආශාවක් : සටන් විරාම කාලයේ දී ඒ 9 හරහා යාපනයට කළ සංචාරය
“සාමයේ සහ ආදරයේ පණිවිඩය උතුරට ගෙන යාම” ගුවනින්, මුහුදින් හා වත්මන් ගොඩබිමින් (ඒ 9 මඟ ඔස්සේ) යාපනයට යාපනයේ පලාලි හි අධි ආරක්ෂිත කලාපයේ පිහිටි පලාලි මූලික රෝහලේ සිටි යුධ හමුදා අනතුරු වලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මම ගුවන් මගින් කිහිප වරක්ම යාපනයට ගොස් ඇත්තෙමි. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සහයවීම සඳහා මම මුහුදු මාර්ගයෙන් ද යාපනයට ගොස් ඇත්තෙමි. එනමුත් මම කිසි දිනෙක එනම්, යුද්ධයට පෙරදී වත් මහා මාර්ගයෙන් යාපනයට ගොස් නැත. වර්ෂ 1983 සිට ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය…