Elephant Pass – Sinhala

Elephant Pass – Sinhala

අලිමංකඩ සටන

1991 ජූලි 14 සිට 1991 අගෝස්තු 9

ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගාමිණී ගුණතිලකගේ දෘෂ්‍යමාන අත්දැකීම්

උපායමාර්ගිකව වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇති අලිමංකඩ (ඊ.පී.එස්.), යාපනය අර්ධද්වීපය උතුරු ප්‍රධාන භූමියට සම්බන්ධ කරන දොරටුව වේ.ක්‍රිස්තු වර්ෂ 1991 දී ශ්‍රී ලංකා යුධ හමුදාව පාලනය කළේ යාපනය අර්ධද්වීපයේ කලාප දෙකක් පමණි: එනම්, පාලාලිහි අධි ආරක්‍ෂිත කලාපය සහ අලිමංකඩ ය.මෙය වූයේ වර්ෂ 1990 සැප්තැම්බර් මාසයේදී යාපනය බලකොටුවෙන් යුධ හමුදාව ඉවත් වූ පසු ය. එක් ප්‍රධාන හමුදා කඳවුරක් සහ අතුරු කඳවුරු හතරක් ද අලිමංකඩ හි කිලෝමීටර් 10 ක් පළල සහ කිලෝමීටර් 23 ක් දිගු භූමි ප්‍රමාණයක් ද යුධ හමුදාව සතු විය.

  • ශ්‍රී ලංකා හමුදාව සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටි.ටී.ඊ.) සංවිධානය අතර ඇති වූ දෙවන ඊලම් යුද්ධයේ දරුණුතම, කටුක හා රුධිරමය සන්නද්ධ ගැටුමය.
  • දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටි.ටී.ඊ.) සංවිධානය ප්‍රථම වතාවට සිය සටන් ඒකක සාම්ප්‍රදායික යුධමය ආකාරයකට බලමුළු ගැන්වූවකි.

කඳවුරට පහර දීම

මෙම දරුණු ප්‍රහාරය සිදු වූ ආකාරය කරුණු වශයෙන් ගෙන හැර බලන කල…

  • මෙම ප්‍රහාරය ආරම්භ වූයේ අලිමංකඩ හි හමුදා කඳවුරේ පිටත ආරක්ෂක ස්ථාන වෙත එල්ල වූ කාලතුවක්කු වෙඩි වර්ෂාවක් සමගිනි.
  • මෙයින් පසු, එල්.ටි.ටී.ඊ. සාමාජිකයන් පරන්තන් හි සිට දක්ෂිණාංශික අක්ෂය මත ළඟා වෙමින් හමුදා ආරක්ෂක වළලු තුලට විහිද ගියෝ ය.
  • එහිදී කොටි සාමාජිකයන් භාවිතා කරන ලද රථය එකල යුධ හමුදාව භාවිතා කළ මිසයිල වලට පවා ඔරොත්තු දුන් දැවැන්ත යකඩ ආවරණැති බුල්ඩෝසරයකි. මෙම බුල්ඩෝසරය කන්කසන්තුරෙයි හි සිමෙන්ති කම්හලෙන් අල්ලාගෙන ඇති අතර, පසුව එය තුළ සිටින අයට සතුරු ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා එහි පිටත ඝන යකඩ තහඩු සවි කර වෙනස් කර තැනූ ආරක්ෂිත එකකි. මෙම වැඩිදියුණු කිරීම වන්නි ප්‍රදේශයේ ඔවුන්ගේ “අවි ගබඩාවේ” සිදු කර ඇත.

බිහිසුණු සන්නද්ධ රථයේ ඉරණම

පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් එම බුල්ඩෝසර් රථය යුධ හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලු පසු කර හමුදා කඳවුර වෙත ළඟා වෙමින් සිටියේය.ඊට එල්ල කළ කිසිදු මිසයිලයකට එම රථයේ ළඟා වීම නැවැත්විය නොහැකි ය.බුල්ඩෝසරය තව දුරටත් ඉදිරියට ගියහොත් කඳවුරට ඇති වන දරුණු අන්තරාය වටහාගත් හුදකලාව සිටි එක් සොල්දාදුවෙක් බුල්ඩෝසරයේ පිටුපසට ක්ෂණයෙන් ළඟා වී ඊට සවි කර තිබූ ඉණිමඟ පරිහරණය කර බුල්ඩෝසරය තුළට අත්බෝම්බයක් ගෙන හෙලුවේය.එම අත්බෝම්බය පුපුරා යාමත් සමඟ ම බුල්ඩෝසරය තුළ සිටි එල්.ටි.ටී.ඊ. සාමාජිකයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.බුල්ඩෝසර් රථය පාරෙන් ඉවතට ඇදී ගොස් හමුදා කඳවුර තුළ තිබූ නිවසකට කඩා වැදී නතර විය.දරුණු සටන් දිගටම සිදු වූ අතර බුල්ඩෝසර් රථය තවදුරටත් යුධ හමුදා  කඳවුර වෙත පැමිණීම නැවැත්වීමට සමත් වූ සොල්දාදුවා එම බිහිසුණු පිපිරීමෙන් දිවි පිදුවේ ය. එම වීරෝදාර රණ විරුවා නම් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ 6 වන බලඇණියේ ලාන්ස් කෝප්‍රල් ගාමිණී කුලරත්න ය. බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ “හසලක ගාමිණී”ලෙස ය.

ඉහත ඡායාරූපයේ සුදු ඊතලය පෙන්වන්නේ ලාන්ස්-කෝප්‍රල් ගාමිණී කුලරත්න අත්බෝම්බය දැමීමට නැගුණු – ඉණිමඟ ය. රතු ඊතලය – අත් බෝම්බය බුල්ඩෝසරයට දැමූ ස්ථානය පෙන්වයි.

බුල්ඩෝසරය තුළ විනාශ වෙමින් තිබූ ‘කොටි සාමාජිකයන් සිව් දෙනාගේ මළ සිරුරු’ දැකීමට එහි ඉණිමඟට නැඟී විවරය තුළින් බැලූ මට හැකි විය. (එම දුර්ලභ අවස්ථාව හිමි වූ පළමු සහ එකම ශ්‍රී ලාංකේය සිවිල් වැසියා මම වෙමි.)

උතුරු අලිමංකඩ දෙසින් එල්ල වූ දරුණු ප්‍රහාරය

‘සන්නද්ධ බුල්ඩෝසරය’ දකුණේ සිට ළඟා වන අතර, එල්.ටි.ටී.ඊ. යේ ඊට සමාන එහෙත් කුඩා ප්‍රමාණයේ ‘සන්නද්ධ රථ’ දෙකක් උතුරේ සිට එකවරම හමුදා කඳවුර වෙත ළඟා විය.රොකට් ප්‍රොපල්ඩ් ග්‍රෙනේඩ්ස් (හෙවත් ආර්.පී.ජී.) භාවිතයෙන් මෙම වාහන දෙක විනාශ කිරීමට අප හමුදාවට හැකි විය. එමඟින් සන්නාහයෙන් ආලේපිත එම රථ දෙක විහිදීගොස් අලිමංකඩ හි ඉදිරි ආරක්ෂක වළල්ල අසල නතර විය.

අලිමංකඩ කඳවුර අහිමිවීමේ අවදානම

“සන්නද්ධ රථවල” ගමන් කිරීම නවතා දැමුවද, බිහිසුණු සටන් දිගටම පැවති අතර, උපායමාර්ගිකව වැදගත් මෙම අලිමංකඩ යුධ හමුදා කඳවුර අහිමි වීමේ අවදානමක් තිබුණි.එල්.ටි.ටී.ඊ. සංවිධානයේ නායකයා යුධ අලිමංකඩ අත්පත් කර ගැනීමේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් සිටි අතර එය ‘සියලු සටන්වල මව’ ලෙස ප්‍රකාශයට පත් කරමින් තම අතැති සියලුම මිනිසුන් හා ද්‍රව්‍ය සටන් සඳහා භාවිතා කළේය.අලිමංකඩ හමුදා කඳවුර අහිමි වීම යුධ හමුදාමය හා දේශපාලනික වශයෙන් විනාශකාරී වනු ඇත.මෙහිදී වඩාත් ම හදිසි හා ක්ෂණික අවශ්‍යතාව වූයේ වටලනු ලැබූ කඳවුරේ සිටි භටයන් අටසියයක් බේරා ගැනීමයි.

මුදාගැනීමේ මෙහෙයුම

1991 ජූලි 14 වන දින යුධ හමුදාව විසින් හමුදා සෙබළුන් ගළවා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදී.මේ වන විට අලිමංකඩ වෙත ළඟා විය හැකි එකම මාර්ගය වූයේ නැගෙනහිර සිට වෙට්ටිලයිකර්නි හරහා ය.මෙහිදී යුධ හමුදාව සිය ඉතිහාසයේ “විශාලතම බලවේගය” ලෙස නම් කළ සමුදුරු ක්‍රියාන්විතයක් දියත් කළේය. මේ අනුව,

  • අලිමංකඩට කිලෝමීටර් 12 ක් පමණ නැගෙනහිර දෙසින් වෙට්ටිලයිකර්නි වෙරළට දහස් ගණනක් යුධ භට පිරිස් ගොඩ බැස්ස හ.
  • එල්.ටි.ටී.ඊ.ය එල්ල කළ දැඩි පීඩන විරෝධය මධ්‍යයේ හමුදා භට පිරිස් දින 18 කට පසු අලිමංකඩ කඳවුරට පැමිණියහ.
  • අගෝස්තු 9 වන දින දක්වා මෙම සටන් දිගටම පැවතුණි. අවසානයේදී එල්.ටී.ටී.ඊ.ය ඔවුන්ගේ සගයන් 500 ක් අහිමි කර ගෙන ලත් අධික පාඩු විඳීමෙන් පසු උපායශීලීව ඉන් ඉවත් විය.අප යුධ හමුදාවට සොල්දාදුවන් 200 කට අධික සංඛ්‍යාවක් අහිමි වූ අතර, එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන නොමැත.
  • තුවාල ලැබූවන් පාලාලි රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර, සමහරුන් හදිසි ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයෙන් සෘජුවම අනුරාධපුර මහ රෝහලට යැවුණි.

One thought on “Elephant Pass – Sinhala

  1. You have taken some exclusive pictures. Thank you for giving this opportunity to see what really happened on this victorious day. The memory of Hasalaka veeraya will remain in our hearts for ever.

Leave a Reply