Unusual Patient – Sinhala Unusual Patient – Sinhala July 26, 2021 Dr Gamini Goonetilleke Comments 1 comment අමුතුආතුරයා 24 පෙබරවාරි 1988 දිනක් මම පොලොන්නරුව පශු වෛද්‍ය සායනය පසුකර යන අවස්ථාවක, ඒ අසල සෙනග එකතුවී සිටිනු දැක, වාහනය නවතා ඒ කුමක්දැයි විමසා බැලුවෙමි. රෝගීවූ කුඩා අලි පැටවකු ප්‍රතිකාර සදහා ගෙනැවිත් ඇති බව මට දැනගන්නට ලැබුනි. මෙම අලි පැටවාගේ මවමින්නේරියේ දී දුම්රියක හැපී මියගොස් ඇත. පසුව අල්ලා ගනු ලැබූ මෙම අලි පැටවා ගේ පෙකනිය පැසවා සැරව පිරී තිබූ අතර එම තුවාලයේ පනුවන් ද දක්නට ලැබුනි. ඉතාම බරපතල රෝගී තත්වයක සිටි මෙම පැටවාට ඉක්මනින් ශල්‍ය කර්මයක් සිදුකර තුවාල වලට ප්‍රතිකාර කල යුතු විය. එසේ නොකළහොත් පැටවා මියයාමට පවා ඉඩ තිබුනි. ඒ වන විට එහි පශු ශල්‍ය වෛද්‍යවරයෙක් නොසිටි බැවින්, අලි පැටවාට ප්‍රතිකාර කිරීමට මම ඉදිරිපත් වුනෙමි. අලි පැටවා රෝහලට ගෙන්වාගෙන, රෝහලට පිටින් තිබූ පටු ආලින්දයක දී අලි පැටවා ගේ සැත්කම සිදු කලෙමි. උදව් කිරීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වූ අතර ශල්‍යකර්මය සිදුකරන තෙක් අලි පැටවා අල්ලාගෙන සිටියේ ඔවුන් විසිනි. ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම මෙන්ම සේලයින් දීම ආදී ප්‍රතිකාර වලින් අලි පැටවා සුවය ලැබීය. සුවපත් වූ අලි පටවා දෙහිවල සත්ව උද්‍යානය වෙත යැවීමට කටයුතු කරනු ලැබීය. එසේ සත්ව උද්‍යානය වෙත ගෙන යන අතරතුර මාගේ නිවසට පැමිණ ස්තුති කිරීමට ද අමතක නොකලාය. You can also check on my other SINHALA BLOG stories on this link below: ‘SINHALA BLOG‘ You also might be interested in watching some of our other photo gallery links are given here : ‘WAR FRONT – 1’ – ‘WAR FRONT – 2’ / ‘PHOTO GALLERY – PICTORIAL JOURNEY OF SURGERY’ / ‘MY LIFE’ / ‘SPORTS’ Our Video gallery link: ‘Video Gallery’ Recent Posts When a doctor follows a patient from nadir to zenith “The comeback is stronger than the setback” Dr. Gamini Goonetilleke A Surgeon who valued his patients more than anything ‘A Surgeon’s Experiences during the Sri Lankan Civil War’ STF Commando’s arm saved in the nick of time Share this:TwitterFacebookLike this:Like Loading... Related
A great job done.Elephants have a good memory they say. Perhaps it will lie down and salute you if you meet him now. Loading... Reply
One thought on “Unusual Patient – Sinhala”
A great job done.Elephants have a good memory they say. Perhaps it will lie down and salute you if you meet him now.