80 දශකයේ දී පොලොන්නරුවේ ගොවීන්ට සිදුවූ අනතුරු

80 දශකයේ දී පොලොන්නරුවේ ගොවීන්ට සිදුවූ අනතුරු

පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ  වැඩිවශයෙන්  සිටින්නේ  ගොවි  ජනතාවයි.  ඔවුන් තම  ගොවි  කර් මාන්තය  ආශ්‍රිතව  සිදු  කරන  සමහර  ක්‍රියාවන්  භයානක  මෙන්ම හදිසි  අණතුරු  ඇතිකරන  ඒවා ද  වේ.  මෙම  අණතුරු  රෝහල් ගත  කිරීම්,  හදිසි  ශල්‍ය කර් ම  අවශ්‍ය  වන  අන්දමේ මෙන්ම  මාරාන්තික වූ  අවස්ථා ද  විය. මෙවැනි  විවිධ වූ අණතුරු  වලට  ලක්වූ  රෝගීන්  රෝහල  වෙත  රැගෙන ආ විට, රෝහල  සතු  සීමිත පහසුකම්  වලින්  ඔවුන්ට  ප්‍රතිකාර  කිරීමට  සිදුවේ.  කෘෂිකාර්  මික  ප්‍රදේශ  වලට පමණක්  ආවේනික වූ  මෙවැනි  අණතුරු  ලැබූ  රෝගීන්, මෙයට  පෙර  එවැනි  ප්‍රදේශ වල  සේවය  කර  නොමැති  මා  හට  අළුත්  අත්දැකීමක්  විය.

බඳින  තුවක්කුව.

බඳින  තුවක්කු  වලින්  සිදු වන  අණතුරු  එවැනි  එක්  අවස්ථාවකි.  සේවය  සඳහා පොලොන්නරුව  රෝහලට  පැමිණීමට  පෙර,  මෙම  බඳින තුවක්කු  වලින්  අනතුරු සිදුවූ  රෝගීන්  හට  ප්‍රතිකාර  කර හෝ  රෝගීන්  දැක හෝ  අසා හෝ  නොතිබුනි.  1888  තරම්  අතීතයේ දී  ද  මෙවැනි  අණතුරු  පිළිබඳව  වාර් තාවී  ඇති බවට,  ලංකා  වෛද්‍ය  ලේඛණ  වලින්  ශාක්ෂි  හමුවීම  නිසා  මේවා  අළුත්  අණතුරු නොවන  බව  පැහැදිලිවිය.

බඳින  තුවක්කුව,  ඒ  ඒ  ප්‍රදේශ  වලම  නිපදවනු  ලබන  නීති  විරෝධී  ගිණි  අවියකි. වන  සතුන්  ගෙන්  තම  භෝග  වගාවන්  රැක  ගැනීම  පිණිස,  සතුන්  ගමන්  කරන  මාර් ග   හරහා  මෙම  තුවක්කු  බඳිනු  ලැබේ.  ඒ  හරහා  සතෙකු  හෝ  මිනිසෙකු   ගමන් කලත්  මෙම  තුවක්කුව  පත්තු  වී,  තුවාල  ඇතිවීම  හෝ  මරණය  සිදුවේ.

එක  පැත්තක්  වැසූ  යකඩ  බටයක්  (1)  මෙහි  බැරලය  ලෙස  යොදාගනී.  මෙයට වෙඩිබෙහෙත්  සමග  යකඩ  ඇන,  මූනිස්සම්,  යකඩ  කැබලි  ආදිය  පුරවනු  ලැබේ.  මෙම තුවක්කුව  පත්තු  කිරීමට  යොදාගන්නා  උපකරණය  බැරලයේ  වැසූ  කෙලවරේ  සුදුසු  තැනක  සවිකර  යකඩ  පියනක්  වැනි  කොටසකින්  (2)  වසනු  ලබයි.  මෙය  මත තව  යකඩ  පතුරක්  (3)  සවිකර  ඇති  අතර  එය  ශක්තිමත්  නූලක්  (5)  ගැටගසා  ඇති  ලී කැබැල්ලකින්  රඳවනු  ලැබේ.  මෙම  තුවක්කුව  ආධාරකයක්  (6)  මත  සවිකර,  නූල  (5) තදින්  ඇදී  සිටින  සේ,  දුරින්  සිටවා  ඇති  ලීයක  (7)  හෝ  ගසක  ගැට ගසයි.

මෙම  ඇටවුම  හරහා  ගමන්  කරන  වන  සතෙකු  හෝ  මිනිසෙකු,  මෙම  නූලේ පැටලුන  විට,  ලී  පතුර  ගැලවී  යකඩ  පතුර  තුවක්කුව  පත්තුකිරීමට  සවිකර  ඇති උපකරණය  මත  පතිත  වීමෙන්  තුවක්කුව  පත්තු  වේ.  මූනිස්සම්  බැරලයේ  විවෘත කෙලවරෙන්  අඩි  20 – 30  පමණ  දුරකට  විහිදෙන  අතර  මේවා  වැදීමෙන්  සත්වයා  හෝ  මිනිසා  තුවාල  ලැබීම  හෝ  මරණයට  පත්වීම  සිදුවේ.

සිදුවන  අණතුරු

  • වැඩිපුර  තුවාල  ලබන්නේ  තරුණ  පිරිමින්ය.
  • බොහෝ  තුවාල  දණහිස  හෝ  දණහිසට  පහල  මට්ටමේ  සිදුවේ.
  • අස්ථි  භග්න  මෙන්ම  ප්‍රධාන  රුධිර  නාල  වලට  සහ  ස්නායු  වලට ද  බරපතල අණතුරු  සිදුවේ.
  • සමහර  තුවාලකරුවන් ගේ  පාද,  නොයෙක්  තැන්  වලින්   කපා  ඉවත්  කිරීමට ද සිදුවේ.
  • මෙම  නීති  විරෝධී  තුවක්කුව  අටවන  අයද,  තුවක්කුව  පත්තුවීමෙන්   තුවාල ලැබිය  හැක.
  • මෙම  බඳින තුවක්කුව   තහනම්  කර  ඇතත්  තවමත්  පාවිච්චි කරනු  ලබයි.
Left hand amputated- disabled for life

සතුන්  ගේ  පහරදීම්

වන  සතුන්  මෙන්ම  ගෘහස්ථ  සතුන්  ගේ  පහර දීම්  වලින්  තුවාල  ලැබූ  රෝගීන් ද ප්‍රථිකාර  සඳහා  රෝහල්ගත  කොට  තිබේ.  ඇතිකරන  කිරි  ගවයන්  මෙන්ම  මී හරකුන්  ඇනීමෙන්  තුවාල  ලැබූ  රෝගීන් ද  මේ  අතර  විය.  තවද  වල් ඌරන්,  වලසුන්, වන  අලින්  මෙන්ම  කිඹුලන් ගේ  පහර දීම්  වලට  ලක්වූ  රෝගීන් ද  නොයෙක්  විට හලට  ඇතුලත්  කර  ඇත.  මෙම  සමහර  අණතුරුවලින්  මාරාන්තික  තුවාල  ඇතිවූ අවස්ථා ද  විය.

වලසුන්  සපා  කෑම  සහ  නියපොතු  වලින්  සීරීම

ශක්තිමත්  හණු  වලට  සවිවූ  කෙටි  දත්  සහ  ගස්  නැගීමට ආධාර  වන  තියුණු,  දිග නිය, වලසුන්ගේ පහරදීම් වලින් සිදුවන භයානක තුවාල වලට හේතු වේ. වලසුන්ගේ පහරකෑමට ලක්වී රෝහලට ඇතුල් කරන ලද බොහෝ රෝගීන් ගේ  තුවාල  දක්නට  ලැබුනේ  මුහුණ  සහ  හිස  ප්‍රදේශයේය.  මුහුණේ අස්ථි  භග්න  තිබූ  අවස්ථා ද  තිබූ  අතර  ප්ලාස්ටික්  ශල්‍යකර් ම  මගින්  ඒවාට ප්‍රතිකාර  කිරීමට  සිදුවිය.

වලසුන්  ගේ  පහරදීමකින්  මුහුණට  සිදුවූ  තුවාල

හිසට  සිදුවූ  තුවාල  ශල්‍යකර් ම යට  පෙර  සහ  පසු

වන  අලින්  ගෙන්  සිදුවූ  අණතුරු

අලින්ගේ  පහරදීමකදී  බලාපොරොත්තු  වන  අන්දමටම බහුවිධ  තුවාල,  අස්ථි  භග්න  දක්නට  ලැබුණු  අතර  මින් බොහොමයක්  මරාන්තික  විය.  කෙසේ  වුවද  වන අලියකුගේ  පහරකෑමකට  ලක්ව,  බහුවිධ  තුවාල  සහිතව බේරීමට  තරම්  වාසනාවන්ත වූ  රෝගියකු,  රෝහලට ඇතුල්  කරනු  ලැබීය.  ඔහුට  හදිසි ප්‍රතිකාර  ලබාදිය  යුතු විය.

අතිවූ  ගැටළුව  කුමක්ද?

බහුවිධ  තුවාල  සහිතව  බේරුන  නමුත්  අලියා ගේ  හොඬෙන්  ලද  පහරකින්  එම රෝගියා  ගේ  ස්වාශනාලයට  හානි වී  තිබුණි.  ස්වාශනාලයෙන්  කාන්දු වූ  වාතය නිසා  මුහුණ,  බෙල්ල  සහ  පපුව  ඉදිමී  තිබූ  අතර  හුස්ම  ගැනීමට ද  අපහසු  වී  තිබුණි. මෙහිදී  හදිසි  සැත්කමක්  අවශ්‍ය  විය. “ට්‍රැකියොස්ටමි“ ලෙස  හඳුන්වන  සැත්කම් ක්‍රමය  මගින්  ඔහුගේ  අපහසුතාවට  පිළියම්  යොදන  ලද  අතර  දින  කීපයක ප්‍රතිකාර  වලින්  පසු  සම්පූර් ණ  සුවය  ලබා  සතුටින්  නිවස  බලා  යාමට  හැකිවිය.

මීහරකකු ඇණීම

වී හුළං කරන යන්ත්‍රය

වී  හුළං  කිරීම  යනු  වී  වල  ඇති  බොල්  වී ඇට  සුළං පහරක්  මගින්  වෙන්කර  ගැනීමයි.  නොයෙක්  ආකාරවලට සෑදූ  මෙම  යන්ත්‍ර  වල  කැරකෙන  “සුළං පෙත්ත’  ආවරණය කර  නොතිබීම  නිසා  එය  ක්‍රියාත්මක  වන  අවස්ථාවක එහි  ගැටෙන  ඕනෑම  කෙනෙක්  අණතුරට  භාජනය  වේ.

“සුළං  පෙත්තෙන්“  කෑල්ලක්  මුහුණට  –  අනූනවයෙන්  බේරුන  ගොවියා

මොහු,   වී  හුළං  කිරීම  සඳහා  වන  “සුළං පෙත්තක්“  සහ  එය  ක්‍රියා  කරවීමට මෝටරයක් ද  තම  පා පැදියේ  සවිකරගෙන  තැනින්  තැනට  ගොස් වී  හුළං  කරදීම කල  අයෙකි.  මෙම  “සුළං පෙත්ත“  ද  ආවරණයක්  රහිත  එකක් වූ  අතර  බොහෝ කලක්  පාවිච්චි  කිරීම  සහ  දිරායාම  නිසා  කැරකෙන  පෙත්තේ  සමහර  කොටස් වරින්  වර  පාස්සා  තිබුණි.  මෙදින ද  සුපුරුදු  පරිදි  යන්ත්‍රය  ක්‍රියාත්මක  කර වී  හුළං කරමින්  සිටින  අතර,  හදිසියේම  “සුලං  පෙත්තේ“  කොටසක්  කැඩී  වීසි වී මොහුගේ  මුහුණේ  වැදුණි.  වීසිවී  ගිය  යකඩ  කැබැල්ල,  ඔහුගේ  නාසයේ  දකුණු පැත්ත  කපාගෙන  මුහුණ  ඇතුලට  කිඳාබැස  තිබුණි.  දකුණු  ඇසට  අණතුරක්  වී නොතිබුණි.

මුහුණට  ඇණී  තිබූ  යකඩ  කැබැල්ලත්  සමගම   රෝහලට  ඇතුල්  කල  මෙම රෝගියා  මා  සේවය  කරන  වාට්ටුවට  ගෙන  එනු  ලැබීය.

මෙය   දුටු මගේ  ප්‍රථම  ප්‍රතික්‍රියාව  වූයේ,  ජීවිතයේ  එක්   වරක්   පමණක්  දැකිය හැකි  අන්දමේ  අත්දැකීමක්  විය  හැකි  අණතුරක් වූ  මෙහි  ඡායාරූපයක්  ගැණීමයි.

මෙම   අවස්ථාවේ  මගේ  කැමරාව  මා  ළඟ  තිබූ  අතර  මොහුගේ  මුහුණේ ඡායාරූපයක්  ගැණීමට  මට  හැකිවිය.

මෙවැනි  අවස්ථා  වලදී  යකඩ  කැබැල්ල  මුහුණ  තුලට  කිඳාබැස  ඇති  ගැඹුර  සහ  සිදුවී ඇති  වෙනත්  හානි  ගැන  දැන  ගැනීම  සඳහා  විකිරණ  පරික්ෂණ  කල  යුතුය.   නමුත් එම  පහසුකම්   නොතිබූ  බැවින්  සහ  හදිසි  ශල්‍යකර් ම  යක්   කල  යුතු  අවස්ථාවක් වූ  බැවින්,  ශල්‍යකර් ම ය  සිදුකිරීමට  තීරණය  කලෙමි.

සැත්කමේදී,  අපහසුවෙන්  වුවත්   මුහුණට  කිඳාබැස  තිබූ  යකඩ  කැබැල්ල ඉවත්  කරන  ලදී.  සැත්කමට  පසු  මෙන්ම  මුළුමනින්ම  සුවවූ  පසුවත්  ඔහුගේ  ඡායාරූප ලබාගත්  අතර  හැමදෙනෙක්ම  පුදුමයට  පත්  කරමින්  ඔහු  සුවල  ලබා,  තම  නිවසට ගියේය.  මෙම  ඡායාරූප  වලින්  එම  කතාව  දැකගත  හැක.

මෙවැනි  අණතුරු  පහසුවෙන්  වලක්වාගත  හැකි  ඒවා  වුවත්  තවමත්  මේ  අන්දමට අනාරක්ෂිත  ක්‍රියා  තවමත්  නැවතී  නැත. 

Fan mounted on cycle A piece of the fan blade missing

 කෘත්‍රිම  පාද  ගැන  වචනයක්…

මුල්  කාලවලදී  බඳින  තුවක්කු  වලින්  අණතුරට  පත්වී  පාද  අහිමි වූ  අයට  කෘත්‍රිම පාද  ලබාගැණීම  ඉතාම  අපහසු   විය.  බොහෝ  විට  එම  පලාතේ  වඩුමඩුවකින් සාදාගන්නා  ලද  ලී  වලින්  සැදූ  කෘත්‍රිම  පාද  පාවිච්චි  කරන්නට  සිදුවිය.  නැතහොත් අත්වාරු  වලින්  ගමන්  කිරීමට  සිදුවිය.  මේවා මගින්  ඔවුන්ගේ  එදිනෙදා  කටයුතු සිදුකිරීම  ඉතා  අපහසු  විය.

නමුත්  “ජායිපූර්’  කෘත්‍රිම  පාද  මෙසේ  ආබාධිත  වූවන්ට  මහත්  පිළිසරණක්  විය. පහසුවෙන්  එදිනෙදා  කටයුතු  කරගැනීම  මෙන්ම ගොවිතැන්  කටයුතු  කිරීමටද, මේවා  වලින්   ඔවුනට හැකිවිය.

I was invited by The Sri Lanka Medical Association to deliver the S C Paul Oration in 1992

Translation by: Sisira Jayesekera & Niranka Madushan

You can also check on my other SINHALA BLOG stories on this link below:

‘SINHALA BLOG

You also might be interested in watching some of our other photo gallery links are given here : ‘WAR FRONT – 1’‘WAR FRONT – 2’ / ‘PHOTO GALLERY – PICTORIAL JOURNEY OF SURGERY’ / ‘MY LIFE’ / ‘SPORTS’

Our Video gallery link: ‘Video Gallery’

Leave a Reply